වැටුප් විෂමතා ගැටලුවක් ඇතුළු ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් අද (21) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ඉංජිනේරු සංගමය පවසනවා.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී බලධාරීන් සමඟ සාකච්ඡා සිදු කළ ද, එහිදී ලබාදුන් පොරොන්දු මේ දක්වාත් ඉටු නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සහභාගී වීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙනවා.
ඊට අමතරව, මාර්ග සංවර්ධන අධිකාරී පනතින් පැවරී නොමැති, එහෙත් ජාතික අවශ්‍යතාවන් ලෙස සලකා මෙතෙක් සිදු කළ සියලුම බාහිර කටයුතුවලින් ද ඔවුන් ඉවත් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
