ඩොලරය යළිත් ඉහළට

News Express
1 Min Read

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 330 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මහ බැංකුව විසින් අද (27) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 330.81ක් ලෙස සටහන් වී ඇත.

ඊයේ (26) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 318.32 ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 328.69 ක් ලෙස ඊයේ ප්‍රකාශයට පත් කර ඇත

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *