වර්තමාන ආණ්ඩුව විසින් ධීවර ජනතාවගේ මාදැල් ගැටලුව විසඳනතෙක් තමා කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණෙන බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි ප්රකාශ කරනවා.
ඔහු අද(20)පාර්ලිමේන්තුවට පැමිණියේ කළු ඇඳුමින් සැරසිලාය.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසුමකට පිළිතුරු ලබා දෙමින් දිලිප් වෙදආරච්චි පැවසුවේ මාදැල් ධීවරයින් සම්බන්ධයෙන් ආණ්ඩුව මේ අවස්ථාවේදී පොරොන්දුවක් ලබා දී තිබෙන බවත් එම පොරොන්දුව අනුව තාවකාලිකව එම විරෝධය නතර කර ඇති බවයි.
නමුත් මාදැල් ධීවර ප්රජාවගේ ඉල්ලීම අනුව ඊට සාධාරණ විසඳුමක් ආණ්ඩුව ලබා දිය යුතු බවත් එතෙක් ආණ්ඩුවට මාදැල් ධීවරයින්ගේ ඉල්ලීම සිහිපත් කරමින් තමා කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තු පැමිණෙන බවත් දිලිප් වෙදආරච්චි මන්ත්රීවරයා සඳහන් කළා.
