අද කාලගුණය පිළිබඳ නිවේදනය

News Express
1 Min Read

අද (02) දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලට පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි අතර, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *