බලපත්‍ර නොමැතිව රිය පදවන 18 ට අඩු අයට එරෙහිවත් දැඩි නීති

News Express
1 Min Read

බලපත්‍ර නොමැතිව යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ පදවන අවුරුදු 18 ට අඩු දරුවන්ටද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර ප්‍රකාශ කළා.

එමෙන්ම, ඔවුන්ට රථවාහන ලබාදෙන දෙමාපියන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.

වසර ආරම්භයේ සිට පසුගිය 08 වනදා දක්වා මාරක රිය අනතුරු 457 ක් සිදුව ඇති අතර, ඉන් පුද්ගලයින් 475 දෙනෙකු මියගොස් තිබෙනවා.

පසුගිය වසරේ එම කාලය හා සැසදීමේදී අනතුරු 50 ක් සිදුව ඇති අතර 56 දෙනෙකු මියගොස් ඇති බවයි රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාසය සදහන් කළේ.

කෙසේ වෙතත්, බාල වයස්කාර දරුවන් යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ පැදවීම රිය අනතුරු පාලනයට බාධාවක් වී ඇති බව කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සදහන් කළා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *