මීගමුව, වරකපොළ, අරණායක සහ ගම්පොළ ඇතුළු ප්‍රදේශ රැසකට අද දහවල් 12:12ට හිරු මුදුන් වෙයි

News Express
1 Min Read
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්රික්කවලත් අද (08) ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථාන වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.
දෘශ්ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්රී ලංකාව ආශ්රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා.
අද (08) දින දහවල් 12:12ට මීගමුව, වරකපොළ, අරණායක, ගම්පොළ, බිබිල, ඉඟිනියාගල සහ අක්කරේපත්තු යන ප්රදේශ වලට හිරු මුදුන් වනු ඇති.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *