කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂිය සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අය කැඳවනවාද? නැද්ද? යන්න ජුනි 2 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) තීන්දු කළේය.
ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන්ට අධිකරණයෙන් නොතීසියක් ලැබුණහොත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් එම නීතිඥවරු දෙදෙනාට දැනුම්දුන්නේය.
අබිරහස් ලෙස මරණයට පත්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ සාක්ෂි කැඳවීම අද (29) සිදුකළ අවස්ථාවේදී මේ බව දැනුම්දී ඇත.
