ආණ්ඩුවේ ඉන්ධන දීමනා පරණ මිල ගණන්වලට

News Express
1 Min Read

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වා ගෙන යෑම තහවුරු කිරීමටත් පවතින රාජ්‍ය මූල්‍ය සීමාවන් සහ අනුමත රජයේ වියදම් සීමාවන් තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමටත් අදාළ චක්‍රලේඛයක් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කර ඇත.

ඒ අනුව, ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබීම හා බදාදා දිනය රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම සැලකිල්ලට ගෙන අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් කාණ්ඩයන්ට හිමිගන්වා ඇති ඉන්ධන දීමනාව නැවත දැනුම්දෙන තුරු පසුගිය මාර්තු 01 වන දින පැවති ඉන්ධන මිල පදනම් කර ගනිමින් අදාළ දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

එමෙන් ම, ඉන්ධන දීමනාව වෙනුවට ඉන්ධන ප්‍රමාණය සහ ඉන්ධන මිල පදනම් කර ගනිමින් ගෙවනු ලබන වෙනත් දීමනා සඳහා පසුගිය මාර්තු 01 වන දින පැවති ඉන්ධන මිල අනුව ගණනය කළ යුතු බවත් අදාළ චක්‍රලේඛය මගින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *