”කිරී සම්බාවලට ආදේශක ගෙන්වන්න ඕන කෙනෙකුට පුළුවන්” -ඇමති වසන්ත-

News Express
1 Min Read

වෙළෙඳපොළේ පවතින කීරි සම්බා හිඟයට ආදේශක සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට ඕනෑ ම පුද්ගලයෙකුට හැකි බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

ඒ අනුව, එක් ආනයනකරුවෙකුට සහල් මෙට්‍රික් ටොන් 1,040ක් ආනයනය කළ හැකි බව ද ඔහු පැවසීය.

කීරි සම්බා වෙනුවට GR-11 හා කිරි පොන්නි යන ආදේශක සහල් ආනයනය කළ හැකි බවත් එය අප්‍රේල් 2 සිට අප්‍රේල් 30 දක්වා නැව්ගත කිරීම් කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව, එම සහල් ප්‍රභේදය ගෙන්වීම සඳහා ගැසට්‌ නිවේදනයක්ද ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

මෙම සහල් ආනයනයේදී යම් හෙයකින් නැව් ප්‍රමාද වුවහොත් උපරිම මැයි 30 වන විට එම සහල් ලංකාවේ වරායෙන් ගොඩ බෑමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *