ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සදහා නව පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.
ඒ ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන හා ප්රජා සවිබල ගැන්වීමේ අමාත්යංශය යටතේ ක්රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය විසින් පත්කළ අනු කමිටුවක් විසින්.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේදී යෝජනා කෙරුණු ප්රධාන පාරිභාෂිත යෙදුම් 11 ක් හඳුනාගෙන ඇති අතර, සෙසු යෙදුම් සඳහා මහජන අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව ආබාධ සහිත තැනැත්තා, ශ්රවනාබාධ සහිත තැනැත්තා, බහු ආබාධිත සහිත තැනැත්තා ඇතුළු පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.
