2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු 06වැනිදා සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඉංජිනේරු තාක්ෂණවේදය (විෂය අංක 65): 2026 මාර්තු 06 වනදා සිට 2026 මාර්තු 15 වනදා දක්වාත්, සෞන්දර්ය විෂයයන් (නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව): 2026 මාර්තු 09 වනදා සිට 2026 මාර්තු 16 වනදා දක්වාත් පැවැත්වෙනු ඇති.
එහිදී පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත තැපැල් මගින් යොමු කරන බවත්, පෞද්ගලික අයදුම්කරුවන් වෙනුවෙන් අයදුම්පතෙහි සඳහන් ලිපිනයට තැපැල් මගින් ප්‍රවේශ පත්‍ර යොමු කිරීමට කටයුතු යොදා ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
