ඇමෙරිකා එක්සත් ජනපද සහ ඉරාන සාකච්ඡාකරුවන් අතර දින 60ක කාලසීමාවක් සඳහා වූ තාවකාලික අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දැනට පවතින බිඳවැටීමේ අවදානමක් සහිත සටන් විරාම ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීම සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ නිල සාකච්ඡා සඳහා මාවත සකස් කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
කෙසේනමුත්, ‘ඇක්සියෝස්’ (Axios) වාර්තා කර ඇති පරිදි, මෙම තාවකාලික එකඟතාව සාර්ථක කර ගැනීම සඳහා තවමත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසන් අනුමැතිය හිමිවිය යුතුව තිබෙනවා.
