ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ

News Express
1 Min Read

ඝාතනයට ලක් වූ අයතුල්ලා අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ පුත් මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) පත් කිරීමට ඉරානය පියවර ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා.

අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම සඳහා පත් කර ඇති 88 දෙනකුගෙන් යුත් විශේෂඥයන්ගේ සභාවේ (Assembly of Experts) ඊයේ (08) පැවති ඡන්ද විමසීමේදී මොජ්තබා ඉදිරියෙන්ම සිටි අපේක්ෂකයා වී ඇති බව සඳහන්.

ඔහු සිය පියා යටතේ ඉරාන ආරක්ෂක අංශ තුළ විශාල බලපෑමක් සහිතව කටයුතු කළ අයෙකු මෙන්ම දැවැන්ත ව්‍යාපාරික ජාලයන් මෙහෙයවන පූජකවරයෙකු ලෙසින් ද ප්‍රකටයි.

මෙම පත් කිරීමත් සමඟ ඉරාන පාලනය තවදුරටත් දැඩි මතධාරීන් සතුව පවතින බවට ඉඟි පළ වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *