‘ඉරාන යුද්ධය දැනටමත් අවසන්’- ට්‍රම්ප්

News Express
1 Min Read

ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදු කරමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු තවදුරටත් පවසන්නේ, එක්සත් ජනපදය සහ ඊශ්‍රායල ඒකාබද්ධව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් බොහෝ දෙනෙකු මිය ගොස් එහි හමුදා හැකියාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බැවින් ඉරානයේ යුද්ධය දැනටමත් ජයග්‍රහණය කර ඇති බව ත් එහි පාලන තන්ත්‍ර වෙනසක් අත්කර ගෙන ඇති බව ත් ය.

නිව්ටොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ, යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය ඉරානයට කරුණු 15කින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර ඇති බව ය.

අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් වන බව එම පුවත්පත වාර්තා කර ඇත.

පාකිස්තානය හරහා ලබා දෙන ලද මෙම සැලැස්ම ඉරාන නිලධාරීන් අතර හුවමාරු වී ඇත් ද යන්න පැහැදිලි නොමැති බව ටයිම්ස් වාර්තා කර තිබේ.

එම වාර්තා පවසන්නේ, ඊශ්‍රායලය මෙම සැලැස්මට සහය දක්වන බවට තවමත් තොරතුරු වාර්තා නොවන බව ය.

කෙසේ වෙතත්, එවැනි ලියවිල්ලක් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *