අහස උසට නැගෙන බලශක්ති මිල පාලනය කිරීමේ පියවරක් ලෙස, යුරෝපා සංගමයට අයත් රටවල් විදුලිය සඳහා පනවා ඇති බදු අඩු කළ යුතු බවට යුරෝපා කොමිසම යෝජනා කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
“සමහර අවස්ථාවලදී විදුලිය සඳහා ගෑස් වලට වඩා 15 ගුණයකින් වැඩි බදු පනවා තිබෙනවා. මෙය එසේ විය නොහැකියි. විදුලිය සඳහා වන බදු අනුපාත අඩු කිරීමටත්, පොසිල ඉන්ධනවලට වඩා අඩුවෙන් විදුලිය මත බදු පැනවීමටත් අපි යෝජනා කරනවා,” යැයි එම කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් ප්‍රකාශ කර තිබෙනවා.
එසේම, සමාගම්වලට පොසිල ඉන්ධන භාවිතයෙන් බැහැර වීමට උපකාර වන ආයෝජන හරහා කර්මාන්ත ක්ෂේත්‍රයට මූල්‍ය ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ද තමන් නායකයින්ට යෝජනා කළ බවයි ඇය පවසා ඇත්තේ.
ඉරානයේ ගැටුම් ආරම්භ වීමට පෙර පැවති මට්ටමට වඩා දෙගුණයකටත් වඩා වැඩි අගයකින් යුරෝපයේ ගෑස් මිල මේ වන විට ඉහළ ගොස් ඇති බවයි බීබීසී පුවත් සේවය සඳහන් කරන්නේ.
