ඊශ්රායලයේ දකුණු දිග පිහිටි ඩිමෝනා නගරයට එල්ල වූ මිසයිල ප්රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්ය වාර්තා කරනවා.
ඊශ්රායල හදිසි වෛද්ය සේවාව උපුටා දක්වමින් කාන් (Kan) පුවත් සේවය වාර්තා කරන්නේ තුවාල ලැබූවන් අතර 10 හැවිරිදි දරුවෙකු ද සිටින බවයි.
සමාජ මාධ්ය සහ ඊශ්රායල මාධ්ය ඔස්සේ ප්රචාරය වන දර්ශනවලට අනුව, අහසේ සිට ඇදී එන දැවැන්ත මිසයිලයක් නගරයට පතිත වන අයුරුත්, ඒ සමඟම ප්රබල පිපිරුම් හඬක් ඇසෙන අයුරුත් දැකගත හැකියි.
