“හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට සහය නොදුන්නහොත් නේටෝ (NATO) සංවිධානයට ‘ඉතා නරක’ අනාගතයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
එමෙන්ම, චීනයට යාමට පෙර හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ චීනයේ ස්ථාවරය දැන ගැනීමට තමන් කැමති බැවින්, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වීමට සැලසුම් කර තිබූ සමුළුව කල් දැමීමට ඉඩ ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ.
