බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 103 මට්ටමට – WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98ක මට්ටමට

News Express
1 Min Read

ගෝලීය වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (16) උදෑසන ඇමරිකානු ඩොලර් 106.50 දක්වා ඉහළ ගිය නමුත්, මේ වන විට එය ඩොලර් 103 ක මට්ටමකට ස්ථාවර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අද (16) පෙරවරුවේ ගනුදෙනු ආරම්භයේදී ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල 3% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නෙ.

බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද උදෑසන ඇමරිකානු ඩොලර් 106.50 දක්වා ඉහළ ගිය නමුත්, මේ වන විට එය ඩොලර් 103 ක මට්ටමකට ස්ථාවර වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට අමතරව, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 98 ක අගයක පවතිනවා.

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් දේශපාලනික හා හමුදාමය වාතාවරණය මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *