“ජපානය මීට වඩා මැදිහත් විය යුතුයි” – ට්‍රම්ප් කියයි

News Express
1 Min Read

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජපානය සිය සහාය ලබා දිය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර නෞකා ගමනාගමනය සඳහා අතිශය වැදගත් වන මෙම මුහුදු මාර්ගය ආරක්ෂා කිරීමට ඇමරිකාවට සහාය වීමට ජපානය දක්වන මැලිකම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී ට්‍රම්ප් මෙම අදහස් පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

“මම බලාපොරොත්තු වෙනවා ජපානය මීට වඩා මැදිහත් වෙයි කියලා. මොකද අපිට ඒ වගේ සමීප සබඳතාවක් තියෙනවා. අපි ජපානය වෙනුවෙන් පෙනී සිටිනවා. ඇමරිකානු සෙබළුන් 45,000ක් ජපානයේ ඉන්නවා,” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

ජපානය සිය තෙල් අවශ්‍යතාවයෙන් 90%කට වඩා ලබා ගන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා බැවින්, එම මාර්ගයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට ජපානයට විශාල හේතුවක් ඇති බව ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.

මීට පෙර ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අනෙකුත් රටවල් එක්විය යුතු බවට කළ ඉල්ලීමට ලෝක නායකයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි.

ඉන් කෝපයට පත් ට්‍රම්ප්, පසුව සටහනක් තබමින් ප්‍රකාශ කළේ ඇමරිකාවට “කිසිවෙකුගේ සහාය අවශ්‍ය නොවන” බවයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *