ට්‍රම්ප්ගේ පැය 48ක අවසාන නිවේදනයට ඉරානයෙන් දරුණු පිළිතුරක්.

News Express
1 Min Read
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් සිදුකළ පැය 48 ක අවසාන නිවේදනයට ප්රතිචාර දක්වමින්, ඉරානය ද දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ඉරාන රජයේ මාධ්ය වාර්තා කර ඇත්තේ, තම රටේ ඉන්ධන හෝ බලශක්ති මධ්යස්ථාන ඉලක්ක කරගනිමින් අමෙරිකාව කිසියම් හෝ ප්රහාරයක් එල්ල කළහොත්, ඒ වෙනුවෙන් සමස්ත ගල්ෆ් කලාපය පුරා විසිරී ඇති අමෙරිකානු සබඳතා සහිත සියලුම බලශක්ති යටිතල පහසුකම් වෙත ප්රහාර එල්ල කරන බවයි.
හෝමුස් සමුද්ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විශාලතම බලාගාර විනාශ කරන බවට ජනාධිපති ට්රම්ප් කළ ප්රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ යුධමය තත්ත්වය සහ බලශක්ති අර්බුදය අතිශය තීරණාත්මක මට්ටමකට පැමිණ ඇති බව විදෙස් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙනවා
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *