තරග ජය ගතහොත් බෝනස් දීමනාවක් සහ තරග පරාජය වුවහොත් ක්‍රීඩකයින්ගේ ගෙවීම් කපා හැරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇෂ්ලි ද සිල්වා මහතා,
“ගිවිසුමේ හැටියට තරග දිනුවොත් මූල්‍යමය වාසිවෙන ලැබෙන ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ට බෝනස් දීලා තියෙනවා.
ඒ වගේම මැච් පැරදුණොත් එයත් ඔවුන්ට බලපාන ලෙස ක්‍රීඩක ගිවිසුම්වලට එක්කර තිබෙනවා” යැයි පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ Gary Kirsten මහතා සමඟ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ Gary Kirsten මහතා කියා සිටියේ, ඉදිරි ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන ආකාරය සම්බන්ධයෙන් විශ්වාසයක් පවතින බවයි. ක්‍රීඩකයින්ට තම උපරිම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීම තම අරමුණ කරගෙන, ශක්තිමත් ජාත්‍යන්තර කණ්ඩායම්වලට එරෙහිව තරඟකාරී ලෙස ක්‍රීඩා කිරීමෙන් ඉදිරියට යාම තම බලාපොරොත්තුව බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
