ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 02ක් හා ව්‍යාජ රුපියල් 2000 මුදල් නෝට්ටු 21ක් ද සොයා ගත් බව පොලීසිය පැවසීය.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25, 29, 30, 32, 35 හා 52ක් වන ඉඹුල්ගොඩ, දෙහිපිටිය, පැලෑඳ හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
