මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

News Express
1 Min Read
මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු පැමිණෙන දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.
එහි කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්රික් ටොන් 90,000ක ප්රමාණයක් මෙරටට රැගෙන එන බවය.
ඒ අනුව අප්රේල් මාසය සදහා අවශ්ය බොරතෙල් ප්රමාණය අද පැමිණෙන නෞකාව සමග සම්පූර්ණ කර ඇති බවයි ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේය.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *