බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් ගැන පොලීසියෙන් දැනුවත් කිරීමක්

News Express
1 Min Read
වර්තමානයේ WhatsApp සහ Telegram හරහා ලැබෙන “.apk” ගොනු මගින් සිදුකරන භයානක මූල්ය වංචාවක් පිළිබඳව ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ශ්රී ලංකා පොලීසිය පවසයි.
සාමාන්යයෙන් මංගල ආරාධනා පත්ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් ලෙස හැඟවෙන නම්වලින් ඔබ වෙත එවන මෙම ගොනු, රූපසටහනක් හෝ PDF එකක් යැයි සිතා ක්ලික් කළ සැණින් ඔබේ දුරකථනයට අනතුරුදායක මෘදුකාංගයක් ඇතුළු වනු ඇත.
මේ හරහා හැකර්වරුන්ට ඔබගේ දුරකථනයේ තිරය පාලනය කිරීමටත්, ඔබගේ SMS කියවීමටත් අවස්ථාව ලැබෙන බැවින්, බැංකු ගිණුම්වලට අදාළ රහසිගත OTP කේතයන් පවා ඔබ නොදැනුවත්වම ඔවුන් අතට පත්වේ.
එබැවින් ශ්රී ලංකා පොලීසය පවසන්නේ, නාඳුනන අංකයකින් හෝ ඔබේ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන මෙවැනි සැකකටයුතු “.apk” ගොනු කිසිවිටෙකත් බාගත කිරීම හෝ විවෘත කිරීම සිදු නොකරන ලෙසයි.
තව ද ඔබගේ දුරකථනයට අවශ්ය Apps ලබාගැනීමේදී සැමවිටම Google Play Store හෝ Apple App Store පමණක් භාවිතා කිරීමටත්, දුරකථන Settings තුළ ඇති “Install Unknown Apps” යන්න අක්රිය කර තැබීමටත් කටයුතු කරන ලෙස ඔවුන් පවසයි.
යම් හෙයකින් ඔබ මෙවැනි වංචාවකට හසු වුවහොත් වහාම ඔබගේ බැංකු ගිණුම් අත්හිටුවා ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන ලෙස ද ශ්රී ලංකා පොලීසිය වැඩි දුරටත් පවසා සිටියි.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *