සැප්තැම්බර් වනතුරු විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ – බලශක්ති ඇමති

News Express
1 Min Read

සැප්තැම්බර් මාසය වනතුරු විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කිසිදු ඉල්ලීමක් සිදු නොකරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක පවසනවා.

පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රවී කරුණානායක ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අවසන් වරට සිදු කළ විදුලි ගාස්තු සංශෝධනයේ සෘජු බලපෑම එල්ල වන්නේ ඒකක 180 ට වැඩියෙන් විදුලිය භාවිත කරන පාරිභෝගිකයන්ට පමණක් බවයි.

සෙසු පාරිභෝගිකයන් වෙනුවෙන් රුපියල් බිලියන 15 ක සහනාධාරයක් ආණ්ඩුව මඟින් ලබා දී ඇති බව ද බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *