මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අඹුසැමි යුවළකගේ කෝටි ගණනක දේපළ තහනම් කෙරේ

News Express
1 Min Read

ඊසිකෑෂ් ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලැබූ අඹුසැමි යුවළකගේ දේපළ නීතිමය වශයෙන් අත්හිටුවීමට (තහනම් කිරීමට) කටයුතු කර තිබෙනවා.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ ලෙස සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ.

බොරැල්ල, බේස්ලයින් මාවතේ, සිරිසර උයන ලිපිනයේ පදිංචි මෙම අඹුසැමි යුවළ 2017 වසරේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති අතර, ඔවුන් එමඟින් උපයාගත් මුදල් සැකකාරියගේ මවගේ බැංකු ගිණුම් වෙත තැන්පත් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

එසේම, සැකකාරිය විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදල් යොදවා අතුරුගිරිය, ඔරුවල ශාන්ත ලෝකාගම, කොරතොට, 08 වන පටුමගේ පිහිටි පර්චස් 06ක ඉඩමක් සහ එම ඉඩමේ ඉදිකර ඇති නිවස, රුපියල් ලක්ෂ 300කට ආසන්න මුදලකට 2023 දෙසැම්බර් මාසයේදී මිලදී ගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවන් විසින් මිලදී ගන්නා ලද මෙම නිවස සහිත ඉඩම ඊයේ (20) දින සිට දින 07 ක් සඳහා තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන්.

එසේම, ඊයේ දින අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේදී මෙම සැකකාර අඹුසැමි යුවළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *