අමෙරිකානු ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටේ

News Express
1 Min Read

අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටී ඇති බව ඇමරිකානු හමුදාව තහවුරු කරනවා.

ගුවන් යානා දෙකක් සම්බන්ධ වූ “සිද්ධියකින්” අනතුරුව මෙම KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානය කඩා වැටී ඇති අතර, ඊට “සතුරු ප්‍රහාරයක් හෝ මිත්‍ර පාර්ශ්වයකින් සිදුවූ ප්‍රහාරයක්” සම්බන්ධ නොවන බවයි හමුදාව පවසන්නේ.

අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (US Central Command) පවසන්නේ බටහිර ඉරාකයේ, හමුදාව විසින් “මිත්‍රශීලී ගුවන් කලාපයක්” (friendly airspace) ලෙස විස්තර කරන ප්‍රදේශයක “ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින” බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ වූ දෙවන ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *