පළමු කිලෝමීටරයේ ගාස්තුව ඉහළ දමන්න ත්‍රිරෝද රථ සංගම් සැරසෙයි..

News Express
1 Min Read
රජය විසින් ඉහළ දැමූ පෙට්රල් මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා සිටී.
අද (22) පෙරවරුවේ පැවති මාධ්ය සාකච්ඡාවකදී ජාතික ඒකාබද්ධ ත්රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා මේ බව පැවසීය.
“අද සිට ඉන්ධන මිල යළිත් සංශෝධනය කරලා. මේ වැඩිවීම අපේ සේවාවට විශාල ගැටළුවක්. අපේ සේවාව කරන්න තෙල් නෑ ඒ මදිවට රජය මිල ගණන් වැඩිකරලා. ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ.
අපි යෝජනා කරනවා ත්රිරෝද රථ ගාස්තුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 20ක් වැඩි කරන්න.
මේ පිළිබඳව කටයුතු කරන්න පුලුවන් මීටර භාවිතා කරන රියදුරන්ට පමණයි.
පවතින තත්ත්වය ගැන කියන්න ළඟදීම ජනාධිපති ලේකම් කාර්යාලයට එනවා” යනුවෙන් පැවසීය.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *