රටේ ඉන්නේ සාපයක් සහ පාපයක් වූ විපක්ෂයක්, සුනිල් රත්නසිරිගෙන් සැර ප්‍රකාශයක්

News Express
1 Min Read

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්කරුවන් ලබාගත් සිදුවීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විමර්ශන පවත්වන අතර ඒ සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහාය ද ලැබී ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඕනෑම රාජ්‍යයක මෙවැනි දෑ සිදු විය හැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, අඟහරු ලෝකයෙන් හෝ පැමිණ ලංකාවට පහර දී බලය ලබා ගැනීමට බලා සිටින සාපයක් සහ පාපයක් වූ විපක්ෂයක් රටේ සිටින බවයි වැඩිදුරටත් අවධාරණය කළේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *