චීවරධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා -මහජන ආරක්ෂක ඇමති-

News Express
1 Min Read

කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, මේ පිළිබඳ ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි ඊයේ (27) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි එක් පාර්ශ්වයකින් කටයුතු සිදු කරන අතරතුර, නීත්‍යානුකූලව ගත යුතු පියවර ද ඒ ආකාරයෙන්ම ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බවත්, ඒ අනුව දුබලයාට එක් නීතියක් සහ ප්‍රබලයාට තවත් නීතියක් ලෙස නීතිය ක්‍රියාත්මක නොවන බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *