අතීත සාම පා ගමන්

News Express
2 Min Read
අතීතයේ පටන් ශ්රී ලංකාවේ සාමය, සංහිඳියාව සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් මහා සංඝරත්නය විවිධ අවස්ථාවලදී සාම පා ගමන් සංවිධානය කර තිබේ. මෙහිදී වඩාත් කැපී පෙනෙන සහ ඓතිහාසික වශයෙන් වැදගත් වූ සිදුවීම් කිහිපයක් තිබේ
පූජ්ය වෙනවත්තේ ධම්මරතන හිමියන් සහ “සාම යාත්රාව”
පූජ්ය වෙනවත්තේ ධම්මරතන හිමියන් යනු ශ්රී ලංකාවේ වාර්ගික ගැටුම් පැවති සමයේ සාමය සහ සහජීවනය වෙනුවෙන් දිවි පරදුවට තබා කැපවුණු සුවිශේෂී හිමිනමකි. උන්වහන්සේගේ “සාම යාත්රාව” වැඩපිළිවෙළ ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.​1980 දශකයේ අගභාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ ලංකාව උතුරේ යුද්ධයෙන් මෙන්ම දකුණේ පැවති භීෂණකාරී වාතාවරණයෙන් පීඩා විඳිමින් තිබුණි. මෙම මනුෂ්ය ඝාතන නතර කිරීමට සහ බුදුදහමේ මෛත්රී සහගත පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට ධම්මරතන හිමියන් මෙම පා ගමන තීරණය කළහ.
​වෙනවත්තේ ධම්මරතන හිමියන් ප්රමුඛ සාම යාත්රාව බොහෝ විට කොළඹින් ආරම්භ වී අනුරාධපුරය හරහා යාපනය දෙසට ගමන් කිරීමට උත්සාහ කළේය.
උන්වහන්සේ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ආයුධ සන්නද්ධ කණ්ඩායමකට සහය නොදැක්වූ අතර, හුදෙක් ආගමික වතාවත්වල යෙදෙමින් පා ගමනින් වැඩම කළහ.මඟ දෙපස සිටි සිංහල මෙන්ම දෙමළ ජනතාව ද උන්වහන්සේට ආශිර්වාද කළ අතර, ඇතැම් අවස්ථාවලදී වෙනත් ආගමික නායකයන් ද මෙම යාත්රාවට එක් විය.
ධම්මරතන හිමියන්ගේ මෙම මැදිහත්වීමේ ප්රධාන අරමුණු කිහිපයක් තිබුණි
​මේ අතර යුද්ධය නතර කිරීම උන්වහන්සේගේ ප්රධාන අරමුණ විය. දේශපාලන විසඳුමකට එළඹෙන ලෙස රජයට සහ සන්නද්ධ කණ්ඩායම්වලට බලපෑම් කිරීම මීළඟ අරමුණ විය. මේ අතර මනුෂ්යත්වය ඉස්මතු කිරීම උදෙසා ජාතිවාදී පටු අදහස්වලින් ඔබ්බට ගොස් එකම මිනිස් පවුලක් ලෙස සිතීමට ජනතාව පෙළඹවීම උන්වහන්සේගේ තවත් අරමුණක් විය. මේ අතර දෙපාර්ශවයේම අත්අඩංගුවේ පසුවූ සිරකරුවන් නිදහස් කර ගැනීමසහ ඒ සඳහා වූ මැදිහත්කරු ලෙස ක්රියා කිරීමද උන්වහන්සේගේ අරමුණු අතර විය.
මුහුණ දුන් අභියෝග
​මෙම ගමන කිසිසේත්ම පහසු නොවූ අතර උන්වහන්සේට දැඩි බාධකවලට මුහුණ දීමට සිදු විය.ආරක්ෂක හේතූන් මත ඇතැම් ප්රදේශවලට ඇතුළු වීමට උන්වහන්සේට අවසර නොලැබුණි.මේ අතර සාමය අකමැති වූ ඇතැම් කණ්ඩායම්වලින් උන්වහන්සේට තර්ජන එල්ල විය.කිලෝමීටර් සිය ගණනක් පයින් වැඩම කිරීම නිසා ඇති වූ කායික අපහසුතා නොතකා උන්වහන්සේ තම ගමන අත් නොහළහ.
වෙනවත්තේ ධම්මරතන හිමියන්ගේ සාම යාත්රාව ශ්රී ලාංකීය සමාජයට ලබාදුන් ලොකුම ආදර්ශය වූයේ “බුදුදහම යනු දේශනාවට පමණක් සීමා වූවක් නොව, එය ප්රායෝගිකව ක්රියාවේ යෙදවිය යුත්තක්” යන්නයි.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *