ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු ගනුදෙනුකරුවන් වශයෙන් දෙයාකාරයකින් විදේශ විනිමය ගනුදෙනු සිදුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
එහිදී පැවති සමපේක්ෂණ චේතනාවන් හේතුවෙන් බැංකු සහ ගනුදෙනුකරුවන් අතර සිදු වූ ගනුදෙනුවලදී ඩොලරයේ අගය විශාල වශයෙන් ඉහළ ගිය බව ඔහු පෙන්වා දුන්නා.
කෙසේ නමුත්, එම අවස්ථාවේදී අන්තර් බැංකු විනිමය අනුපාතිකයන් පැවතියේ ඊට වඩා පහළ මට්ටමක බවයි ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ.
අන්තර් බැංකු විනිමය හුවමාරු මට්ටමට බැංකුවලින් පිටත කෙරෙන විනිමය ගනුදෙනු සමපාත කිරීම හරහා, වේගයෙන් ඉහළ ගිය ඩොලරයේ අගය පහළට පැමිණි බව මහ බැංකු අධිපතිවරයා එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
