ලබන 29 වැනිදාට නියමිත පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
සතියේ සෑම සිකුරාදා දිනයකම පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය මෙවර නොපැවැත්වීමට තීරණය කර තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබෙන්නේ.
අදාළ දිනය වෙසක් සතිය තුළ යෙදී තිබීම ඊට හේතුව බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
