ප්‍රශ්න රැසක් මැද රට භාරගත් වත්මන් ආණ්ඩුව එම ප්‍රශ්න නිරාකරණය කරමින් ඉදිරියට යන බවත්, ඒ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
එලෙස ප්‍රශ්න රැසක් නිරාකරණය කරමින් ඉදිරියට යන විට මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ බව ඔහු පෙන්වා දුන් අතර, කෙසේ වෙතත්, ඊට ද ශක්තිමත්ව මුහුණ දෙමින් රට ඉදිරියට රැගෙන යන්නේ වත්මන් ආණ්ඩුව නිසා බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
රට ඉදිරියට යන විට සමහර විරුද්ධවාදීන් රිදවීම්වලට ලක් වන බවත්, වත්මන් රජය මෙම සංවර්ධන කටයුතු සිදු කරන්නේ කෙසේ දැයි ඔවුන්ට සිතා ගැනීමට පවා නොහැකි වී ඇති බවත් ඔහු සඳහන් කළා.
එවැනි තත්ත්වයක් තුළ ඔවුන් සිදු කරන්නේ කේලම් කීම හා කුමන්ත්‍රණය කිරීම වුව ද, වත්මන් ආණ්ඩුවට ඒවා ගැටලු නොවන බවයි එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.
විපක්ෂය සැබවින්ම කලබලයට පත්ව ඇත්තේ කුඩු ජාවාරම්කරුවන්ගේ කුඩු අල්ලන විට දේශපාලනයට සම්බන්ධ පිරිස්වලට රිදෙන බැවින් බව ඔහු ප්‍රකාශ කළ අතර, එමෙන්ම පාතාලය මර්දනය කරන විට සහ රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන විට ද ඔවුන් මෙලෙස රිදවීම්වලට ලක් වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
