2029 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවත්, එය තමන්ට ඉර හඳ මෙන් විශ්වාස බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් පවසනවා.
වත්මන් ආණ්ඩුව 2029 වසර තෙක් පවතී ද යන්න ගැන ගැටලුවක් පවතින බවත්, එබැවින් පනත් සංශෝධනය කරන බවට ප්‍රකාශ කරමින් නොසිට, වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ විධායක ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති නමුත්, දිනෙන් දින එම විශ්වාසය බිඳී යමින් පවතින බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
එම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පවත්වා රටේ ජනතාවගේ මතය කුමක්දැයි විමසා බලන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
