ඉරාන වැසියන්ට නිවෙස් තුළට වී සිටින්නැයි අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්

News Express
1 Min Read

ඉරානයේ වෙසෙන සිවිල් වැසියන්ට තම නිවෙස් තුළම රැඳී සිටින ලෙසට අමෙරිකානු ආරක්ෂක අංශ අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔවුන් චෝදනා කර ඇත්තේ ඉරාන හමුදා විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා එරට ජනාකීර්ණ ප්‍රදේශ භාවිතා කරන බවටය.

අමෙරිකාවේ මධ්‍යම අණදෙන මූලස්ථානය ‘CENTCOM’නිවේදනයක් නිකුත් කරමින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

ඉරාන රජයේ මෙම තීරණය එරට සිවිල් වැසියන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කරන බවද ඔවුන් පවසයි.

“හමුදාමය කටයුතු සඳහා යොදාගන්නා සිවිල් ප්‍රදේශවලට ජාත්‍යන්තර නීතිය යටතේ හිමිවන ආරක්ෂිත තත්ත්වය අහිමි වන අතර, ඒවා නීත්‍යානුකූල හමුදා ඉලක්ක බවට පත්වීමේ අවදානමක් පවතී,” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ.

අමෙරිකාවේ මධ්‍යම අණදෙන මූලස්ථානයේ අණදෙන නිලධාරී අද්මිරාරල් බ්‍රැඩ් කූපර් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ,

“ඉරානයේ ත්‍රස්තවාදී පාලන තන්ත්‍රය තමන්ගේම ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙළමින්, ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීම හරහා සිවිල් ජීවිත නොසලකා හරිමින් කටයුතු කරනවා.” යනුවෙනි.

මේ අනුන, ඉරානය විසින් සිවිල් ප්‍රදේශවල සිට ප්‍රහාර එල්ල කරන බැවින්,  එම ප්‍රදේශ ඉලක්ක කිරීමට සිදුවන බවට අමෙරිකාව මෙලෙස පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

 

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *