ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 18%කින් ඉහළ ගොස් ඩොලර් 108.68ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්.
ඩබ්ලිව්.ටී.අයි (WTI) බොරතෙල් බැරලයක මිල ද ආසන්න වශයෙන් 20%කින් ඉහළ ගොස් ඩොලර් 108ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
