ගාල්ලේ සැකකටයුතු මරණයක්

News Express
1 Min Read

ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ගාල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වූ වැලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා බීමත්ව හිසේ තුවාලයක් සහිතව නිවසට පැමිණ නිදාගෙන ඇති අතර පසුදින අවදි නොවීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමකදී ඔහු මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ගාල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *