මන්නාරම මෙගාවොට් 50 සුළං බල ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සුළං ටර්බයින පෙති (Wind Turbine Blades) මෙරටට ළඟා වී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 4.65ක පමණ අඩු මිලකට ලබා ගැනීමට එකඟතාවකට පැමිණ ඇති අතර, මෙය මෙරට විදුලි පද්ධතියට බාහිර පාර්ශ්වයකින් විදුලිය ලබාගන්නා අවම මිලක් ලෙස ද සැලකෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරන්නේ.
මෙම වසර අවසන් වීමට පෙර ව්‍යාපෘතියේ කටයුතු නිම කිරීමට අපේක්ෂා කරන අතර, ඉදිරියේදී තවත් මෙගාවොට් 50ක සුළං බල ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එලෙසම, සූර්ය බලශක්තියෙන් නිපදවන විදුලිය කාර්යක්ෂමව ගබඩා කිරීම සඳහා මෙගාවොට් 550 ක පමණ ධාරිතාවකින් යුත් Battery Energy Storage System (BESS) පද්ධතියක් ද මෙම වසර තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
