රන්වන් පැහැති රෝම හේතුවෙන් “ඩොනල්ඩ් ට්‍රම්ප්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන, බංග්ලාදේශයේ සිටින දුර්ලභ සුදු මී හරකෙකු, ඊද් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට තිබූ බිලිපූජාවෙන් අවසන් මොහොතේදී බේරා ගැනීමට බංග්ලාදේශ රජය මැදිහත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කිලෝග්‍රෑම් 700කට ආසන්න බරකින් යුත් මෙම සත්ත්වයා ආගමික වතාවත් සඳහා ඝාතනය කිරීමට අලෙවි වී තිබුණා.
කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා පැවැත්වෙන උත්සවයට පෙර මහජනතාව තුළ ඇති වූ දැඩි උනන්දුව හේතුවෙන්, ආරක්ෂක හේතූන් මත බලධාරීන් ඊට මැදිහත් වී ඇති බවයි සඳහන් වන්නේ.
එරට ස්වදේශ කටයුතු අමාත්‍ය සලාහුදීන් අහමඩ් විසින් මෙම මී හරකා බිලි පූජාවෙන් නිදහස් කරන ලෙස නියෝග කර ඇති බවත්, එම සත්ත්වයා මිලදී ගත් තැනැත්තාට මුදල් ආපසු ගෙවන ලෙසත්, සත්ත්වයා ඩකා නුවර පිහිටි ජාතික සත්ත්වෝද්‍යානය වෙත රැගෙන යන ලෙසත් ඔහු නියෝග කර තිබෙනවා.
සාමාන්‍ය ඊද් උත්සව මිලදී ගැනීමක් ලෙස ආරම්භ වූ මෙම සිදුවීම, මෙම අපූරු සත්ත්වයාගේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමත් සමඟ ඉක්මනින්ම මුළු රටේම අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
