රංග දිසානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පෙත්සමක් භාරදෙයි

News Express
1 Min Read

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් විසින් අල්ලස් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් ඉක්මවා යමින් එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සාමාජික, නව ජනතා පෙරමුණේ නායක සුගීස්වර බණ්ඩාර සඳහන් කළේ.

රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වෙමින් ස්වාධීන වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ගැටලුවක් මතු වන බව ඔහු පෙන්වා දුන් අතර, එබැවින්, ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන තෙක් ඔහුගේ වැඩ කටයුතු තහනම් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිය‍ේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *