බොරතෙල් මිල අඩුවෙයි

News Express
1 Min Read

ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

2022 වසරේ ජුලි මාසයෙන් පසු පළමුවරට සඳුදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කළ අතර එය ඩොලර් 119 ක උපරිම මිලක් සටහන් වී තිබුණි.

ඒ මැදපෙරදිග යුද උණුසුම ඉහළයාමේ ප්‍රතිඵලයක් ලෙසයි.

එවන් පසුබිමක ”යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ  සිදුකළේය.

එම ප්‍රකාශයත් සමග බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා පහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එය 8%ක අඩුවීමකි.

මේ අතර අද උදෑසන ආසියානු වෙළඳපොළ ගනුදෙනු ආරම්භ වන විට, ඉරාන යුද්ධයේ වර්ධනයන් හමුවේ පසුගිය දින කිහිපය තුළ පැවති දැඩි අස්ථාවරත්වයෙන් පසුව තෙල් මිල සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතී.

එහි අද උදෑසන වන විට දැක්වෙන්නේ ඇමෙරිකානු බොරතෙල් (WTI): බැරලයක් ඩොලර් 83.35ක් පමණ වන බවය.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 87.88ක් පමණ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *