ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්ගේද ? අලුත් ලේකම් ප්‍රභාත්ද ? බුකිය වගේම දේශපාලන කරලියත් ඇවිලෙයි !

News Express
2 Min Read

රාජ්‍ය සේවයේ ඉහළම මට්ටමේ ලේකම් ධුරයක් දරන පරිපාලන නිලධාරියකුට එම තනතුරෙන් වහාම ඉල්ලා අස්වන ලෙස රජය විසින් දැනුම් දී ඇති බවට ප්‍රබල රාවයක් දේශපාලන කරලියේ මෙන්ම සමාජ මාධ්‍ය හරහාද පැතිරයමින් තිබේ.

ඒ බව වන ආරංචි මාර්ග අනුව මෙසේ ඉල්ලා අස්වීමට නියමිත ප්‍රබල රාජ්‍ය නිලධාරීයා මීට පෙර කිසිදු අමාත්‍යාංශයක ලේකම් ධුරයක් දරා නොමැති කනිෂ්ඨ රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී වත්මන් පාලනය යටතේ සෘජුවම රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක් සඳහා පත් කරනු ලැබූවකි.

කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන ඔහු පසුව ආචාර්ය උපාධියක් (PhD) ද ලබාගෙන ඇති අයෙකු බව සඳහන් වේ.

කෙසේ වෙතත්, අදාළ ඉහළම තනතුරේ වගකීම් ඉටු කිරීමේදී අපේක්ෂිත මට්ටමේ කාර්යක්ෂමතාවයක් නොපෙන්වීම, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ පවතින පළපුරුද්දේ මදිකම ඇතුළු කරුණු රැසක් මීට බලපා ඇති බවද සඳහන් ය.

මේ සම්බන්ධව පැතිරන මෙකී තොරතුරු මෙන්ම දේශපාලන කරලියේ පැතිරයන රාවය අනුව ඉල්ලා අස්වීමට නියමිතව සිටිනුයේ ජනාධිපති ලේකම් නන්දිත සනත් කුමානායක ය.

කෙසේ වෙතත්, අදාළ නිලධාරියාව වත්මන් ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව, විදේශයක තානාපති තනතුරක් සඳහා පත් කර යැවීමට රජය දැනටමත් සැලසුම් කර ඇති බවද පැවසේ.

මේ අතර, මෙම ඉවත් කිරීමත් සමඟ පුරප්පාඩු වන රාජ්‍ය සේවයේ ඉහළම ලේකම් ධුරය සඳහා එම අමාත්‍යාංශයේම දැනට අතිරේක ලේකම් තනතුරක් දරන, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) බහුල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට රජයේ විශේෂ අවධානය යොමුව තිබේ.

නව ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා, පසුගියදා දිවයිනට බලපෑ දරුණු ආපදා තත්ත්වයේදී රජයේ සහන සැලසීමේ සහ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් සුවිශේෂී මෙන්ම සක්‍රීය කාර්යභාරයක් ඉටු කරමින් ක්ෂේත්‍රය තුළ දැඩි ඇගයීමකට ලක්වූ අයෙකු බව ද වැඩිදුරටත් සඳහන් වන අතර, ඒ ප්‍රභාත් චන්ද්‍රකීර්ති බවද පැවසේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *