රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනා නොකළ හේතුව හෙළිවෙයි

News Express
2 Min Read

 

ත්‍රස්තවාදයෙන් රට මුදා ගෙන 17 වසරක් සපිරීම නිමිත්තෙන් අද (19) බත්තරමුල්ලේදී පැවැත්වෙන රණවිරු සැමරුම සඳහා දේශපාලන අධිකාරියේ කිසිවෙකුට ආරාධනා නොකළ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා ජනාධිපතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අමාත්‍ය මෙන්ම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පමණක් සහභාගී වන බවය.

මීට අමතර ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙම සැමරුම සඳහා එක්වන බව පැවසූ අමාත්‍යවරයා මින් පරිභාහිරව වෙනත් කිසිදු දේශපාලන අධිකාරියට ආරාධනා නොකළ බවද සඳහන් කළේය.

ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා දායකත්වය දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධන කර ඇත්ද යන්න මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මේ සඳහා ආරාධනා කරලා තියෙන්නේ ජනාධිපතිතුමා, ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා, ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවට නියෝජ්‍ය අමාත්‍යතුමා. ඒ අය තමයි අමාත්‍යවරුන් විදිහට සහ ජනාධිපතිතුමා විදිහට මැදිහත් වෙන්නේ. අනිත් අය ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ අය ඊට අමතරව වෙනත් දේශපාලන අධිකාරියේ අයට ආරාධනා කරලා නෑ”

එමෙන්ම මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ රණවිරු සැමරුමට පරිභාහිරව වෙනත් පාර්ශ්වයන් විසින් පවත්වන සැමරුම් උත්සව නැවැත්වීම සඳහා රජය විසින් පියවර නොගෙන ඇති බවත් විශේෂයෙන් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ පැවැත්වෙන ජන සංහාර සතිය නමින් යන සැමරුම් මාලාව නැවැත්වීමට රජය පියවර නොගන්නේ කුමන හේතුවක් මතද යන්න මෙහිදී ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ කුමන ජාතියක කුමන පුද්ගලයෙකු හෝ වේවා යුද්ධයේදි ජීවිතක්ෂයට පත්වූයේ නම් ඔවුන් අනුස්මරණය කිරීම සඳහා ඇති අයිතිය එම සියලු පාර්ශ්වයන්ට පවතින බවය.

“අපි කවුරුත් අකමැති වෙච්ච යුද්ධයකට රට මුහුණ දුන්නා ඒ යුද්ධයෙන් මියගිය, අනතුරට පත්වෙච්ච, ආබාධිතභාවයට පත්වෙච්ච සියලු දෙනාම අනුස්මරණය කිරීමේ අයිතිය සියලුම ජාතිකයින්ට තියෙනවා. සිංහල ඒවා, දෙමළ වේවා, සියලු ජනතාවට තමන්ගේ ඥාතීන්, තමන්ගේ දෙමව්පියෝ, දරුවෝ මියගියා නම් ඒ අය අනුස්මරණය කිරීමේ අයිතිය ඒ හැමෝටම තියෙනවා. ඒ අයිතිය අපි උපරිමයෙන් ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිදහස අපි හැමෝටම ලබා දීලා තියෙනවා.”

 

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *