තව ටික දවසකින් ජනාධිපති කියාවි මටත් වැඩ බැහැ, අපේ අයටත් වැඩ බෑ, ජාතික ආණ්ඩුවක් හදමු කියලා -සුජීව සේනසිංහ-

News Express
1 Min Read

වත්මන් රජය අසාර්ථක වී ඇති බවත්, ඔවුන් විසින් සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයකට ලක් කර ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා.

ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාවලිය තමන් අනුමත නොකළ ද, ඔහු රට තුළ යම් විදේශ සංචිත ප්‍රමාණයක් ඉතිරි කර ගොස් තිබුණු බවයි.

එම ක්‍රමවේදයටම ආර්ථිකය ඉදිරියට ගියේ නම්, මේ වන විට රටේ විදේශ සංචිතය ඩොලර් බිලියන 12 ක් හෝ 14 ක් දක්වා ඉහළ යා යුතුව තිබුණු බව ද ඔහු පෙන්වා දුන්නා.

තවත් මාස කිහිපයකින් වත්මන් ජනාධිපතිවරයා විසින් ඔහුට සහ ඔහුගේ පිරිසට රට පාලනය කිරීමට නොහැකි බව පිළිගෙන, ඒ සඳහා ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවීමට යෝජනා කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *